සහන යාත්‍රා වැඩසටහන් මාලව යටතේ ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ ගංවතුර නිසා අවතැන් වී පානීයපල පහසුකම් නොමැතිව දිවා ආහාරය ගැනීමට නොහැකිව අසරණ වූ එම ජනතාව වෙනුවෙන් දෙවනි දිනයටත් , 306 D2 සිංහාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි හොරණ මිඩ්සිටි සිංහ සමාජය හා හොරණ සිංහ සමාජය එක්ව අද දින 450 කට අදික ප්‍රමාණයක් වෙනුවෙන් දහවල් ආහාරය හා පානීය ජල බෝතල් ඖෂධ , සනීපාරක්ෂක ද්‍රව්‍ය , බිස්කට් , රාත්‍රි ආහාර හා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට හැකිවිය. මේ සදහා ප්‍රාදේශීය අංක 6 ප්‍රාදේශීය සභාපති සිංහ නිලන්ත පීරිස් හා මහවිල අළුබෝවිල සිංහ සමාජය මගින් අපට අනගි සහයෝගයක් ලබාදුන් අතර අවතැන් වූවන් සදහා අවශ්‍ය ද්‍රව්‍ය තොහද ලබාදුනි. ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ විදුහල්පතිතුමන් අනුර අජිත් කුලතුංග මහතා හා 306 D2 ප්‍රාදේශීය අංක 7 ප්‍රාදේශීය සභාපතිතුමන් වන දයාපාල පතිරගේ සහභාගි විය.