ඊයේ (2025-11-30) දිනයේදී කඩුවෙල රණාල ප්‍රදේශයේ අවතැන් වී සිටි 200කට පමණ රාත්‍රී ආහාරය වැල්ලවත්ත බටහිර සිංහ සමාජයෙන් සහ Colombo Wings සිංහ සමාජයෙන් නිවෙස්වලම පිළියල කර අපි රැගෙන භාර දුන්නා. නමුත් රැගෙන යාමේදී අවට ජල ගැලීම් හේතුවෙන් සමහර මාර්ග අවහිර වෙලා තිබ්බා. එම නිසා අපිට එම ස්ථානයට යාමට බාධාවක් වුණා. නමුත් ජීවිත ආරක්ෂක කණ්ඩායමෙන් පනා ගොඩ පැමිණ එම ආහාර අපෙන් ලබා ගත්තා. මේ වෙනුවෙන් මූලිකත්වය ලබා දුන්න සිංහ ලහිරු, සභාපති සිංහ දිනුක් Colombo Wings සිංහ සමාජයටත් ,වැල්ලවත්ත බටහිර සිංහ සමාජයේ සභාපති සිංහ පද්මිණී, සිංහ තේජා , සිංහ ඩිලාන් සියලු දෙනාටම මේ මොහොතේ අපගේ ගෞරවය පුද කරනවා. අද දවසේ පානීය ජලය අවශ්‍යයි කියා අපට ලැබුණි තිබෙනවා. ඒ වෙනුවෙනුත් අපි අද දවසේ පානීය ජලය රැගෙන යාමට බලාපොරොත්තු වෙනවා.