ජාත්‍යන්තර සිංහ සමාජ 306D2 සිංහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ව්‍යාපෘතියක් ලෙස සිංහාධිපතිතුමාගේ අකුරට සවියක් තේමාව පෙරදැරි කරගෙන මව්බිම 5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සම්මන්ත්‍රණයක් ගෝනපොළ සිංහ සමාජය එකොළොස්වන වසරටත් හොරණ, ගෝනපොළ, කුඹුක නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේදී අගෝස්තු මස 03 වන දින පවත්වන්නට යෙදුණි.
මෙම සම්මන්ත්‍රණය මව්බිම 5 Primary අතිරේකයේ සම්පත්ධාරි ප්‍රවීණ දේශක ඉඳුනිල් දිසානායක ගුරුතුමන් ඇතුළු දේශකයන් දෙදෙනෙකු විසින් මෙහෙයවන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් 150 කට හා දෙමවුපියන්ට සංග්‍රහයක් ලබා දුන් අතර සිසුන් තිස් දෙනකු සඳහා තිළිණ ප්‍රධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත ලෙස 306D2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති ද්විත්ව මෙල්වින් ජොන්ස් නාමධාරි, මහේන්ද්‍ර අමරසූරිය නාමධාරි සිංහ ප්‍රියන්ත පෙරේරා සහභාගි වූ අතර විශේෂ ආරාධිතයෙකු ලෙස දේශබන්දු, දේශමාන්‍ය, දිවයිනටම සාමවිනිසුරු, කර්නල් රෝහිත විතානගේ මහතා, මව්බිම පුවත්පත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ ඡායාරූප ශිල්පී මංජුල දයාවංශ මහතා සහ ගෝනපොල සිංහ සමාජයේ සභාපති මංජුල ප්‍රභාත් ගුණසේකර ඇතුළු සිංහ සමාජයේ සාමාජිකයන් සහභාගි